මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉප­යූ­වැයි චෝදනා ලැබූ මාතලේ අඹු­සැමි යුව­ළ­කට හිමි නි‍වෙසක් ඇතුළු දේපළ තහ­නම් කරයි

මත්ද්‍රව්‍ය ජාවා­රම් කර අයථා ලෙස මුදල් ඉපැයු මාතලේ කිරි­මැ­ටිය ප්‍රදේ­ශයේ අඹු­සැමි යුව­ළ­කට අයත් නි‍ෙව­සක් හා නි‍ෙවස වටා ආර­ක්ෂිත තාප්පය රෝලර් ගේට්ටු­වක් සහිත දේපළ දින හත­කට තහ­නම් කිරී­මට මාතලේ පොලී­සිය මගින් ලිපි භාර­දීම මාතලේ සහ­කාර පොලිස් අධි­කාරී එම්.එච්.පී.බී. විජේ­සිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් විසින් සිදු කරන ලදි.

2011 අංක 40 දරන පන­තින් සංශෝ­ධිත 2006 අංක 5 දරන මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනතේ 7(1) වග­න්තිය ප්‍රකා­රව දේපළ ක්‍රියා විර­හිත කිරීම නිය­ම­යට අනුව කිරි­මැ­ටි­යාව ඕවි­ලි­කන්ද මාතලේ පදිංචි හපු­ගොඩ ආරච්චි කංකා­න­ම්ලාගේ දුමින්ද දිල්රුක් හා කිරියා දේව­ලාගේ අයෝධ්‍යා දිලානි කුමාරි යන දෙප­ළට අයත් දේපළ දින 7කට මාතලේ පොලී­සියේ සහ­කාර පොලිස් අධි­කාරි බලය පිට මෙලෙස තහ­නම් කිරීම හා ක්‍රියා විර­හිත කිරීම සිදු කෙරිණි.

මාතලේ පොලී­සියේ කොට්ඨස අප­රාධ විම­ර්ශන අංශය මගින් කරන ලද විම­ර්ශන පරි­ශී­ල­නය කර අධ්‍ය­ය­නය කිරී­මේදි එම පනතේ 35 වන වග­න්තිය සඳ­හන් පරිදි නීති විරෝධි ක්‍රියා­කා­ර­ක­මක් වන 218 වන අධි­කා­රියේ විෂ මත්ද්‍රව්‍ය අබිං හා අන්ත­රා­ය­දා­යක ඖෂධ ආඥා පනතේ සංයුක්ත වන ක්‍රියා වන මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් දේපළ උප­යා­ගෙන ඇති බවට අනා­ව­ර­ණය වීමෙන් පසු මේ දේපළ තහ­නම් කිරීම අනුව නි‍ෙවස වටා ඉදි­කර තිබූ තාප්පය රෝලර් ගේට්ටුව යනා­දිය තහ­නම් නියෝග ලබා­දීම පනත අනුව සහ­කාර පොලිස් අධි­කාරි බලය මත සිදු කළේය.

මේ නි‍ෙවස විකි­ණීම අලු­ත්වැ­ඩියා කිරීම හෝ කිසි­වක් නොක­රන ලෙසත් නිවැ­සි­යන්ට තරයේ අව­වාද කර­මින් තහ­නම් නියෝග ලිපිය භාර­දීම සිදු කෙරිණි.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි එම්.එස්.කේ. වික්‍ර­ම­නා­යක මහ­තාගේ උප­දෙස් නියෝග හා පනතේ විධි විධාන අනුව සහ­කාර පොලිස් අධි­කාරි අංක එක භාර එම්.එච්.පී.බී. විජේ­සිරි මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ මාතලේ කොට්ඨාස අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩී.එම්.කේ.ආර්.බී. ආරි­ය­රත්න මහතා හා කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ උ.පො.ප. විජිත, ඇනස්ලි යන අය හා විශේෂ මෙහෙ­යුම් පොලිස් කණ්ඩා­ය­මක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *