මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය වාතාවරණය තුළ, විකල්ප ගුවන් තොටුපලක් ලෙස මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ භාවිතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ගල්ෆ් ගුවන් සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ක්ෂේත්‍ර චාරිකාවකට පැමිණෙන ලෙස, කටාර් එයාර්වේස්, එමිරේට්ස් ඇතුළු මැදපෙරදිග ගුවන් සමාගම් කිහිපයකට, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ලිඛිතව ආරාධනා කර තිබෙන බව පැවසේ.