වසර 10​කට පසු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජනතාවට යළි විවෘත වෙයි

2015 වර්ෂයේ මැද භාගෙය්දී අක්‍රමිකව සිදුවූ වෙළෙඳ කුටි බෙදා දීම් හේතුවෙන් වැසී ගිය මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) අලුයම සිට නැවත ජනතා අයිතියට පත් කෙරුණි.

වසර 10ට පසු විවෘත වූ මෙම ආර්ථික මධ්‍යස්ථානය මැදවච්චිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ගණනාවක ලක්ෂ 02ට ආසන්න ජනතාවකට මෙන්ම ගොවීන්ට ප්‍රතිලාභ හිමිවිය හැකි ප්‍රධාන ස්ථානයක් ලෙස හදුනාගෙන දිවංගත බර්ටි ප්‍රේමලාල් මහතාගේ සංකල්පයක් මත උතුරුමැද පළාත් සභාව මැදිහත්ව ඉදිකළ ආර්ථික මධ්‍යස්ථානයකි.

මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතිය යටතට වත්මන් ආණ්ඩුවේ සහය ඇතිව මෙම මධ්‍යස්ථානය ගෙන සමූපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරි කමල් ප්‍රියංක ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් විධිමත් ලෙස සකසා මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතිය විසින් මෙය නැවත ආරම්භ කර ඇත.

56000ට ආසන්න මැදවච්චිය ජනතාවටත්, කැබිතිගොල්ලෑව,පදවිය,රැඹෑව,කහටගස්දිගිලිය,හොරොව්පොතාන,සෙට්ටිකුලම,මන්නාරම යන ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාවට මෙන්ම ගොවීන්ට මෙම ආර්ථික මධ්‍යෂ්ථානයත් සමග ගණුදෙනු කිරීමේ පහසුකම් ඒ අනුව නැවත හිමිව තිබේ.

මෙහි එළවලු,අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අලවිකිරීම සිදුවනු ඇත. මීට අමතර රජරට ජනතාව වගා කටයුතු සිදුකරන බෝග මධ්‍යම කඳුකරයටත්, මධ්‍යම කදුකරයේ වගා කරන භෝග රජරටට ගෙනවිත් ජනතාව අතර බෙදා හැරීම මේ තුළින් සිදුවේ. මෙය ජාතික ආර්ථිකයටද විශාල දායකත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *