රජයට අනුමැතිය ලත් නවතම මෙට්‍රෝ බස් රථ සමාගම වන “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම” (Lanka Metro Transit) සඳහා බස් රථ ක්‍රියාකරවන්නන් (රියදුරන්) බඳවා ගැනීම ආරම්භ කර තිබේ.
මේ සඳහා අයදුම් කරන අපේක්ෂකයින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව සිටීම සහ වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි කරගෙන තිබීම අනිවාර්ය වේ. තේරී පත්වන රියදුරන් සඳහා රුපියල් 115,000කට වැඩි මාසික වැටුපක් හිමිවන බව එම සමාගම සඳහන් කරයි.
සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට තම ජීව දත්ත පත්‍රිකා careers@lankametro.lk විද්‍යුත් ලිපිනයට හෝ 0701886886 යන WhatsApp අංකයට යොමු කළ හැක.
එසේම, ලිපිනයෙන් අයදුම්පත් යොමු කරන්නේ නම්; මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම, C පරියන්තය, 7 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතු වේ.
