අගෝස්තු මාසයේ තවත් මෙට්‍රෝ බස් රථ 100 ක් ධාවනය ආරම්භ කරනවා – මෙට්‍රෝ සමාගම කියයි

මෙරට ආබාධිත ප්‍රජාවගේ ගමන් පහසුව සඳහා දිවයිනට ගෙන්වන ලද පත්ල පහත් (Low Floor) බස් රථ, මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ධාවනය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව ලංකා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී.එම්. පියතිලක පවසනවා.

ඒ අනුව, ඒ සඳහා මාර්ග 5 ක් හඳුනාගෙන ඇති අතර, පළමුව මාකුඹුර සිට පිටකොටුව සහ මාකුඹුර සිට කඩවත දක්වා වූ මාර්ග දෙකෙහි මෙම විශේෂිත බස් රථ සේවාව ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

අගෝස්තු මාසය වන විට තවත් බස් රථ 100 ක් ඇණවුම් කර ඇති බවත්, ජපන් ආධාර මත තවත් බස් රථ 8 ක්ද මෙරටට ලැබීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා. 

ඒ අනුව, කැස්බෑව – පිටකොටුව, පානදුර – ටවුන් හෝල් සහ රාගම – බත්තරමුල්ල මාර්ග සඳහා ද මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *