ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරී යන අයට අයත් ඉඩමක සගවා තිබිය දී “අයිස්” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවට සැක කරන ලද රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස් දහසක ප්‍රමාණයක්, පොලිසිය මගින් සොයා ගනු ලැබී ය.
එසේ සොයා ගන්නා ලද රසායනික ද්‍රව්‍ය තොගයෙන් යම් සාම්පල ප්‍රමාණයක් මේ වන විටත් පරීක්ෂාවට ලක් කර තිබෙන බව, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පවසයි.
පරික්ෂාවට ලක් කළ එම සාම්පල අතර, අයිස් මත්ද්‍රව්‍යයම පවතින බව විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කරයි.
තවත් දින කිහිපයක් ඇතුළත සියළු සාම්පල පරීක්ෂාවට ලක් කර, පරිපූර්ණ වාර්තාවක් නිකුත් කරන බව ද වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පවසයි.