හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ පෞද්ගලීකරණය කිරීමට (විකිණීමට) කටයුතු සූදානම් කර තිබූ රාජ්‍ය ආයතනයක් වන මිල්කෝ (Milco) සමාගම මේ වන විට සාර්ථක ලෙස ලාභ ලබන මට්ටමට පත් කර ඇති බව විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.
වත්මන් පාලනය යටතේ රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයකින් යුතුව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මිල්කෝ සමාගම ලැබූ මෙම මූල්‍යමය ප්රගතියේ ප්රතිලාභ සෘජුවම එහි සේවක මණ්ඩලයට සහ මෙරට කිරි ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය:
සමාගම ලැබූ ලාභයත් සමඟ එහි සේවය කරනු ලබන සේවකයන් දිරිමත් කිරීම සඳහා එක් සේවකයෙකුට රුපියල් 75,000 බැගින් වූ විශේෂ බෝනස් (Bonus) දීමනාවක් ලබා දීමට කටයුතු කර තිබේ
සමාගමේ දියුණුව සඳහා අඛණ්ඩව දායකත්වය සපයන, මිල්කෝ සමාගම වෙත දිනපතා කිරි සපයනු ලබන දේශීය කිරි ගොවීන් වෙනුවෙන් ද විශේෂ බෝනස් දීමනා ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.