හිටපු දේශපාලනඥයින් රැසකට එරෙහිව ඉදිරියේදී නියමිත නඩු සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා නම් කළ පරිදි, ඉදිරියට නඩු විභාගයට ගන්නා දේශපාලනඥයින් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රවී කරුණානායක, රාජිත සේනාරත්න, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත් දසනායක, නාමල් රාජපක්ෂ, මර්වින් සිල්වා, චම්පික රණවක, කෙහෙළිය රඹුක්වැල්ල, යෝෂිත රාජපක්ෂ, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ශෂේන්ද්‍ර රාජපක්ෂ
මෙම නඩු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, “මේවා තමයි ඉදිරියට තියන නඩු. මේක public knowledge එක. උනන්දුවක් දක්වනම් නඩු දින හොයාගන්න පුළුවන්” යනුවෙන් සඳහන් කළේය.