ඥාතීන් කිසිවක් ගන්න බෑ – අමාත්‍ය කාර්ය මණ්ඩලය සීමා කරයි

වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත.

අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා මෙම සහාය කාර්ය මණ්ඩල පත් කරගත යුතුව ඇත.

එම කාර්යාල සේවා නියුක්තිය පහත උපරිම සංඛ්‍යාව නොඉක්මවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

1 Iri News

වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් උපදෙස් මාලාවක් ඊයේ (22) නිකුත් කර තිබුණි.

එමගින් අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලය පත්කරගැනීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.

ඊට අමතරව අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව, ඒවාට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය, අමාත්‍යවරුන්ට ලබාදෙන දුරකථන සම්බන්ධතා හා දුරකථන වියදම් පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණුවලට අනුව සියලු ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

සම්පූර්ණ උපදෙස් මාලාව පහතින් දැක්වේ.

PS-CSA-00-1-4-12_250122_200430 (1) by poornima on Scribd

https://www.scribd.com/embeds/818881938/content?start_page=1&view_mode=scroll&access_key=key-H0gc5QLHrMzm3mTmp9G6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *