2025-12-18 ප.ව. 2 වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 184.80m වන අතර සමස්ථ ජල ප්‍රතිශතය 98.92% 5.
ඉදිරි කාලගුණ පුරෝකථන සැලකීමේදී ජල පෝෂක ප්‍රදේශ මගින් මොරගහකන්ද ජලාශය වෙත වැඩි ජල ප්‍රමාණයක් පැමිණිමේ සම්භාවිතාවක් පවතී. තවද වැසි තත්වය වර්ධනය වී බෝවතැන්න ජලාශයද වාන් දැමීමක් සිදුවුවහොත් එම වැඩි ජලයද මොරගහකන්ද ජලාශය වෙත පැමිණේ.
බෝවතැන්න ජලාශය වාන් දැමීමේදී මොරගහකන්ද ජලාශය වෙත පැමිණෙන වැඩි ජලය හේතුවෙන්, වැඩි ජලය පැමිණෙන සීඝ්‍රතාවය අනුව මොරගහකන්ද ජලාශයේ ද වාන් දොරටු විවෘත කිරීමට සිදු වේ. එබැවින් ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවයක් පවතී.
මොරගහකන්ද ජලාශය වාන් දැමීමේදී මහවැලි ගගේ අතු ගංගාවක් වන අඹන් ගගට ජලය මුදා හැරෙන බැවින් අඹන් ගගේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාම සිදුවේ.