උදෑසන පාසල් හා කාර්යාල වේලාවේ බර වාහන ධාවනයට සීමා දාන්න අවධානය යොමු වෙයි

උදෑසන පාසල් සහ කාර්යාල වේලාවේ බර වාහන ධාවනය සීමා කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ.

ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවද වාර්තාවේ.

එම කාලය තුළ බර වාහන වල ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වීම සහ පුද්ගලයන් තුවාල වීම යන කාරණා  මත මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.

මෑත කාලය තුළ කුලියාපිටියේදී බර වාහනයක පාසල් වෑන් රථයක් ගැටී පාසල් ළමුන්ගේ ජීවිත නැතිවීම, බොරැල්ල ප්‍රදේශයේදී තිරිංග විරහිත වීමෙන් බර වාහනයක් තවත් වාහන කිහිපයක් යටකරගෙන යාම යන හේතූන් මත මේ පිළිබඳ සමාජයේ කතා බහක් ඇති වී තිබේ.

මේ අතර, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන වාහන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ද සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.

ධාවන තත්ත්වයට නුසුදුසු වාහන පාසල් ළමුන් ප්‍රවාහනයට යොදා ගෙන පසුගිය කාලය තුළ රිය අනතුරු සිදුවීමද දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *