විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල්, මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ සාකච්ඡා සදහා පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් සමග මුසම්මිල් මන්ත්‍රීවරයා ද සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.