ඔහු දැනට භාවිතා කරන නිල නිවස යළි රජයට භාර දෙන ලෙස, රජය නිල නොවන මට්ටමෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
රජයේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාත පිරිස්, ඔවුන්ගේ දැඩි විරෝධය එල්ල කර තිබේ.
ඒ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පවසන්නේ, තමන්ගේ නිවස ආරක්ෂිත ස්ථානයක් යැයි හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම්, සිය නිවසට, මහින්ද රාජපක්ෂ මහතා රැගෙන යාමට තමන් සූදානම් බවයි.
එමෙන්ම, දුරකථනයෙන් තමන් ඇමතූ බොහෝ මිතුරන්, ඔවුන්ගේ නිවාස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට සූදානම් බව තමන්ට පැවසූ බවද තිස්ස කුට්ටුආරච්චි මන්ත්‍රීවරයා පවසයි.