ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකිරීමට තමා බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක චරිත් අසලංක පවසයි.
එහිදී ඔහු පවසා සිටියේ, නිදහසේ ක්‍රීඩා කරන පරිසරයක් කණ්ඩායම තුළ ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බවය.
ක්‍රීඩකයන් නිදහස් මාසිකත්වයෙන් ක්‍රීඩා කරනවා දැකීම තම කැමැත්ත බවත් චරිත් අසලංක තවදුරටත් සඳහන් කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද (27) පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ඒ බව සඳහන් කළේය.
නව නායක චරිත් අසලංක,
“ඇත්තටම කණගාටුයි මගේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් ආබාධයට ලක්වීම. ඒ වගේ දේවල් වෙනවා. හැබැයි ඊට පස්සේ එන දේවල්වලට මුහුණ දෙන්න නායකයෙක් විදිහට මම සූදානම් වෙලා ඉන්න ඕනේ. මම හිතනවා LPL ගහපු එක ලොකු චාන්ස් එකක් කියලා. මොදක අපි දන්නවා ෆෝම් එකේ හිටිය ක්‍රීඩාකයෝ කවුද කියලා. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ 04ක් ඉන්නවා.”