මහ බැංකු අධිපතිවරයා සමහර ප්‍රකාශ සිදු කරන්නේ ඔහුගේ වුවමනාවට වඩා රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) දින ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව අමතමින්.
එහිදී නලින්ද ජයතිස්ස තියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ආචාර්යවරයෙක් හැටියටත්, විෂයය දන්නා කෙනෙක් හැටියටත් දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කරන්න තමන්ගේ දැනුම යොදා ගැනීම ගැන ඔහු වගකියන්න ඕනෑ බවය.
මහ බැංකු අධිපතිවරයා සමහර ප්‍රකාශ සිදු කරන්නේ ඔහුගේ වුවමනාවට වඩා රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව පැහැදිලි බව නලින්ද ජයතිස්ස කියා සිටියා.
එමෙන්ම එවැනි මහ බැංකු අධිපතිවරු අතීතයෙත් සිටි නමුත් එක් මහ බැංකු අධිපතිවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ රට බංකොලොත් කිරීමේ වැරදිකරුවකු ලෙසත් තීන්දු කර තිබෙන බව නලින්ද ජයතිස්ස මෙහිදී සිහිපත් කර සිටියා.ලෝකයේ ඕනෑම රටක ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබෙන බවත් මෙයට මාස දෙකකට පෙර මූල්‍ය අරමුදල ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශය නැවත බලන ලෙස ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී වැඩිදුරත් කියා සිටියා.