”නාමල්ට මෙච්චර ගහන්නේ 2029 නියත ජනපති නාමල් නිසයි” – තිස්ස කුට්ටිආරච්චි…

විපක්ෂ නායකවරයා පිළිබඳවත් කතා නොකරන වත්මන් රජය, නාමල් රාජපක්ෂ පිළිබඳව ම කතා කිරීමට හේතුව 2029 වසරේදී නාමල් රාජපක්ෂ ජනාධිපති වන බව දන්නා නිසාවෙන් වන බව, තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රටේ සංවර්ධනය හෝ අනෙක් ජනතා ගැටළු සම්බන්ධයෙන් අවදානය යොමුනොකරන රජය රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල කරමින් පසුවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි,

”තවමත් මේ ජනතා විමුක්ති පෙරමුණ කුහක දේශපාලනයෙ, අඳබාල දේශපාලනය කරනවා මිසක් රාජ්‍ය පාලනයක් කරනවා අපි දැකලා නෑ. වී ගොවියාගේ ප්‍රශ්න ඕනි තරම් මේ රටේ තියෙනවා. කම්කරුවාගේ ප්‍රශ්න ඕනි තරම් මේ රටේ තියෙනවා. හදපු වරාය එතන, ගුවන්තොටුපළ එතන, අදිවේගී මාර්ග ටික එතන… සංවර්ධනය බිංදුවටම වැටිලා ඉවරයි. රටේ රාජ්‍ය ආරක්ෂාව අද බංකුවකට සීමා වෙලා ඉවරයි. විපක්ෂ නායකවරයෙක් ගැනවත් කතා නොකර නාමල් රාජපක්ෂ ගැන ඇයි මෙච්චර කතා කරන්නෙ කියන ප්‍රශ්නෙ රටේ ජනතාව කල්පනා කරන්න ඕනි.

විපක්ෂ නායකවරයාට චෝදනා කරන්නෙ නැතුව නාමල් රාජපක්ෂට චෝදනා කරන්නේ, 2029 නියත වශයෙන් ජනාධිපති නාමල් රාජපක්ෂ කියලා දැනිලා ඉවරයි…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *