වත්මන් ආණ්ඩුව කයිවාරු, පම්පෝරි ගැසුව ද ජනතාවට සහනයක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා.
ආණ්ඩුව වෙළෙන්දන්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ‘බදු පිට බදු ගසමින්’ ඇති බවත්, අසරණ ජනතාව ගැන ආණ්ඩුව තැකීමක් නොකරන බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
‘රටට පාත් වූ එකම හෙනය’ වන්නේ ජාතික ජන බලවේගය බවත්, ඉදිරියේ දී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ගමට පැමිණීමට නොහැකි වනු ඇති බවත්, ජනතාව පිළිතුරු ලබා දීමට සූදානමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.
2029 වසරේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනිවාර්යයෙන්ම ජනපති බවට පත් කරන බවත්, එය වැළැක්වීමට කිසිවෙකුට හෝ නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.