දේශපාලකයන්ගේ නම් පාසලින් ගලවන්න – ඇමති සුසිල්ගෙන් ආණ්ඩුකාරවරුන්ට නියෝගයක්

ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

සියලු ම ආණ්ඩුකාරවරුන් එළඹෙන සිකුරාදා (පෙබ. 16) හමුවී මෙම තීරණය දැනුම් දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

එසේ ම ,ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් මින් ඉදිරියට පාසල්වලට නොයොදන ලෙසට එහිදී උපදෙස් දෙන බව ද හෙතෙම කීය.

පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම අනුව පසුගිය කාලයේදී දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් යොදා තිබෙන බව පැවසූ ඇමතිවරයා මින් ඉදිරියට එය සිදුකිරීමට ඉඩ නොදෙන බව ත්, ඒ සඳහා අවශ්‍ය නීති ගෙන එන බ වත් ප්‍රකාශ කළේ ය.

මේ අතර, දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *