කිරිදෙන හැටි උගන්වන්න අලුත් අම්මලාට පන්ති තියන්න රජය තීරණය කරයි

අලුතෙන් විවාහපත් වන අයට දරුවන් ලැබීමෙන් පසු මව්කිරි ලබාදීම, වඩා ගැනීම හා දරුවන් උස් මහත් කර ගන්නා දැනුම අල්ප වීම නිසා දෙමාපියභාවය පිළිබඳ ඉගැන්වීමට පන්ති පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් වෙයි.

යුනි‍සෙෆ් ආයතනය සමග එකතුව මෙම වැඩපිළිවෙළ ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමලගේ මෙහිදී ප්‍රකාශ කළේ දරුවන්ගේ උපතේ සිට වයස අවුරුදු පහ දක්වා කාලය තුළ ළමුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම ඉතා වැදගත් බවයි.

මෙම කාලයේදී දරුවන්ගේ සංවර්ධන ගැටලු පවතී නම් හඳුනාගැනීමට හැකියාව පවතින බවත් එවැනි දරුවන් ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍යවරු සහ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු වෙත යොමු කළ යුතු බවත් මෙහිදී අනාවරණය විය.

එම පහසුකම මේවන විට දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඇය අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *