යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් සිරිතරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස අද (21) පත්විය.
නව නායකයා තෝරාගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් ත්‍රිකුණාමලයේදී අද (21) පැවැත්විණ. සිරිතරන් මහතා වැඩි ඡන්දයෙන් එහිදී නව නායකයා ලෙස තේරී පත්විය.
පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වරුන්වන එම්.ඒ සුමන්දිරන්, සිව ඥානම් සිරිතරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේශ්වරන් නායකත්වය සඳහා තරග වැදුණහ.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දෙමළ ජාතික සන්ධානය සඳහා නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.