මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව රටේ ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් මෙරටට ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104 ධාවනයට සුදානම් කර ඇත.
එම බස් නඩත්තුව සහ කළමනාකරණය සඳහා ඩිපෝ හතරක් පිහිටුවන බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපති, යූ.පී තිලකරන්න මහතා පැවසීය.
මේ අතර ලංකා මෙට්‍රෝ බස් රථ සමාගම සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) සඳහා රැකියා අවස්ථාවලට අයදුම්පත් කැඳවීම් සිදු කරනු ලැබේ. බර වාහන රියදුරු බලපත්‍රය සහිත, සාමාන්‍ය පෙළ සමත් වීම සුදුසුකම් ලෙස දක්වා ඇති අතර රුපියල් 115,000ට වැඩි වැටුපක් ලැබිය හැකි බව සදහන් කෙරේ.
ඊට අදාළ අයඳුම්පත් careers@lankametro.lk ඊමේල් ලිපියනයට හෝ 0701886886 වට්ස්අප් අංකයට හෝ නැතිනම් ‘මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම පර්යන්තය, 7වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ හැකිය.
අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.08.31 වේ.