රට මෙහෙයවන තරුණ නායකත්වය තමා විසින් ආරම්භ කරනු ලබන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුවය.
තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.
ඊළඟ නූතන පරම්පරාවේ රට මෙහෙයවන තරුණ නායකත්වය මගෙන් ඇරැඹෙනවා. මේ රට තරුණයන්ට පමණක් නොවෙයි වැඩිහිටියන් වෙනුවෙනුත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඒක නිකම්ම නිකම් වැඩ කොටසක් නොවෙයි. ඇඟට දැනෙන ප්රායෝගික වැඩපිළිවෙළක් මා ඉදිරිපත් කරනවා. මේ රට කුරිරු ත්රස්තවාදයෙන් වෙළී තියෙද්දි රට දිනවා දුන්නා. දැන් මම සටනට එක්වුණේ රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන මොහොතක. ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන යුගයක් මගේ පාලන කාලය තුළ බිහි කරනවා. ඒ සඳහා ජනතාව හරි තීන්දුව ගනීවි කියලා මම විශ්වාස කරනවා.