මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, ඉදිරියේදී දේශපාලනයේ සිදුවන වෙනස් වීම් මොනවාද යන්න පිළිබඳයි. එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවයි.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බව ඔහු සඳහන් කළා. එමෙන්ම ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව ඔහු පවසනවා. තවද හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දෙන වරප්‍රසාද සම්බන්ධයෙන් එම ලබා දී ඇති පහසුකම් අවශ්‍යම දැයි සොයා බැලිමට කමිටුවක් පත් කර ඇති බව ඔහු මෙහිදී කියා සිටියා.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දී ඇති පොලිස් නිලධාරින් මේ වන විට ඔවුන්ගේ නිවෙස්වල වැඩ කරන පිරිසක් බවට පත්ව ඇති අතර එය පොලිස් නිලධාරින්ට ද කරන අවමානයක් බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. මෙලෙස යොදවා ඇති පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර අවශ්‍යම නිලධාරින් පමණක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදන බව අමාත්‍යවරයා කියා සිටියා.