අද (20) වනවිට ලංකාවේ එකම පාස්පෝට් එකක්වත් නැති තත්ත්වයක් උද්ගත වීමට නියමිතව තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේය.
අගක් මුලක් සොයා ගත නොහැකි සේ වීසා නිකුත් කිරිම සහ පාස්පෝට් ප්‍රශ්නය පටලවා තිබූ බවත් එම ගැටලු දෙකම මේ වනවිට විසඳා ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අද (20) කටුනායක පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
මේ 20 වැනිදා වනවිට ලංකාව එක පාස්පෝට් එකක්වත් නැතිවීමේ අනතුරකට මුහුණ දීලා තිබුණා. පැටලිලි සහගත තීන්දු, වැරදි තීන්දු නිසා විශාල ගැටලුවක් ඇති වුනා.
නිසි තීන්දු ගෙන විධිමත් ක්‍රමයට පාස්පෝට් ලබා ගන්න තව කාලයක් යනවා.නමුත් ක්ෂණිකව ලංකාවේ ඇතුළෙ පාස්පෝට් හිඟය ඇතිවීම වැළැක්වීමේ අභියෝගයක් අපට තිබුණා. විජිත සහෝදරයා අමාත්‍යවරයා විදිහට විශාල මැදිහත්විමක් කරලා දිවා රෑ සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා කරලා, අධිකරණය හමුවට ගිහින්, නිලධාරීන් එක්ක සාකච්චා කරලා අද වනවිට ඒ ප්‍රශ්නය මුලුමනින්ම විසඳලා ඉවරයි.