අභියාචානාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල ජනපතිට ඉල්ලා අස් වීම යොමු කරයි

රජය, දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට සූදානමින් සිටි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න සිය ඉල්ලා අස්වීම මේ වන විටත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න නෙරපා දැමීම සදහා ගෙන ඒමට නියමිතව තිබුණු දෝශාභියෝග යෝජනාව නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

පෙබරවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක ට දැනුම් දී තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *