කිසිදු අවස්ථාවක තමන් ඇතුළු උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට තුටු පඬුරු ලබා නොදෙන ලෙස එම පළාතේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ, උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, එම පළාතේ සියලුම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත ලිඛිතව දැනුම් දෙමින්.
නව වසර උදාව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරීන් තම ජේ්‍යෂ්ඨ නිලධාරින් වෙත තුටු පඬුරු ලබාදෙන බවයි උතුරු පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
මින් ඉදිරියට එවැනි අවස්ථාවලදී හෝ වෙනත් කිසිදු අවස්ථාවක එලෙස කටයුතු නොකරන ලෙසයි ඔහු පැවසුවේ.
එමෙන්ම නව වසර උදාව වෙනුවෙන් කිසිදු නිලධාරියෙකු පුද්ගලිකව තමන් හමුවීමට පැමිණ සුබ පැතීම අවශ්‍ය නොවන බවද උතුරු පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා පවසනවා.
සුබ පැතීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා දුරකතන ඇමතුමක් ලබාදී හෝ වට්ස්ඇප් මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීම ප්‍රමාණවත් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.