රජයේ වනජිවී බංගලා මින් ඉදිරියට ඇමතිලාට සහ ඇදුනුම්කම්වලට දෙන්නේ නෑ – ඇමති විජිත හේරත්

රජයේ  පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට  හා අමාත්‍යාංශ නිලධාරීන්ට  සහන මිලට ලබා නොදෙන බව  ජනමාධ්‍ය අමාත්‍ය  විජිත හේරත් මහතා පැවසීය.

සාධාරණ මිල ගණන් යටතේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගත කිරීම සඳහා මෙම බංගලා වෙන් කර ගත හැකි බව කී අමාත්‍යවරයා විශේෂ වෙන් කිරීම් හෝ අමතර පහසුකම්  ලබා නොදෙන බවද කීය.

වන ජීවී බංගලාවල පහසුකම්  ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රැපියල්මිලියන 1166.93ක්  ලබාදීමට  තීරණය  කර ඇතැයි ද හෙතෙම  සඳහන්  කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *