හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 30 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
මහවැලි අධිකාරියට අයත් ඉඩමක් අනවසරයෙන් අත්පත් කර ගැනීම සහ එම ඉඩමේ ඉදි කළ ගොඩනැගිල්ලක් පසුගිය අරගල සමයේ දී ගිනි තැබීමට ලක් වූ පසු, ඒ සදහා අනීතික ලෙස රුපියල් ලක්ෂ අසූ අටක වන්දි ලබා ගැනීම ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.
අදාල ගොඩනැගිල්ල සදහා වන්දි ගෙවිය නොහැකි බව නිළධාරීන් පවසා සිටිය දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ දේශපාලනය බලය යොදා ගනිමින් මෙම වන්දි ලබා ගැනීම සිදුකර ඇති බව පැවසේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා, පසුගිය 12 වන දා, සිය සේවාදායකයා පෙළෙමින් සිටින බිහිසුණු රෝගී තත්ත්වයක් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
ඒ අනුව, ශෂීන්ද්‍ර රාජපක්ෂ, රාත්‍රී නින්දේ දී, පැයකට තිස් පස් වතාවක් හුස්ම හිරවීමකට මුහුණ දෙයි.
කෙසේ වෙතත්, ශෂීන්ද්‍රට ඇප ලබා දීම අධිකරණය අද දිනයේ දී ද ප්‍රතික්ෂේප කර තිබේ.