මහ මැතිවරණයට සල්ලි නෑ – ජනපති රනිල් දැනුම් දෙයි

මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22 වැනිදා) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ‘‘මහ මැතිවරණයක් ගැන අනුර දිසානායක හා විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාසත් කියනවා. මහ මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ. අයවැයෙන් රුපියල් බිලියන දහයක් වෙන් කරලා තියෙන්නෙ ජනාධිපතිවරණයකටයි’’ ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *