මින් ඉදිරියට සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය හිමිනොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඒ ‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු එහිදී පවසා සිටියේ. අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර සිටියා. පසුගිය කාලයේදී අපරාධ මර්දනය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් බිහිවීම වැඩි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.