නව රජය විසින් කිසිදු රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් නොකරන බව ඇමති නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.
ඉදිරි දිනක් දෙකක් ඇතුළත නියෝජ්‍ය අමාත්‍යවරුන් 26-28ක් පත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
තම පක්‍ෂය මැතිවරණයට පෙර රටට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරන බවත් ඔහු පැවසීය.
ඇතැම් කැබිනට් අමාත්‍යංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු පත් කරන නමුත් සියලු අමාත්‍යංශ සදහා එසේ පත් නොකරන බවත් හෙතෙම සදහන් කලේය.