නානකොට අනවශ්‍ය ලෙස සබන් දමා කුණු අතුල්ලන්න එපා – විශේෂඥ වෛද්‍යවරු කියයි

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම්වල අඩංගු රසදිය හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරු වන පිරිස ඉහළ ගොස් ඇති බව  චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය පවසයි. මෙම ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකා රෝගවලට ගොදුරුවන රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩි වී ඇත.

එසේ සම ඇතිල්ලීමක් සිදු කළහොත් සමෙහි ආම්ලික පී. එච් අගය නොමැති වී භාෂ්මික වී චර්ම රෝග ඇතිවීමේ අවදානමක් ඇතිවන බවත් සම ගොරෝසු වි කළු පැහැ ගැන්වෙන බවත් ඇය සඳහන් කළාය. 

සෑම විටම දින විසි අටකට වරක් සමෙහි මතුපිට මැරුණු සෛල ඉවත් වී අලුත් වන බව ඇය ප්‍රකාශ කළාය.

එම නිසා සම අනවශ්‍ය ලෙස සබන් සහ රසායනික ද්‍රව්‍ය ආලේපකර ඇතිල්ලීමක් සිදු නොකළ යුතු බව ඇය පැවසුවාය .

ඇය මේ බව ප්‍රකාශ කළේ ලබන 08 වැනිදාට යෙදෙන සම පිළිබඳ ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමිනි. 

සම පිළිබඳ ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව වන්නේ සැමට සුරක්ෂිත සමක් – සමෙහි සුවයට රැකවරණයක් යන්නය.

සමේ ඇතිවන ඕනෑම ගැටලුවකට හෝ රුව හැඩ කර ගැනීම සඳහා අවශ්‍යනම් සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීමට හැකියාව පවතින බවත් ලස්සන වීම සඳහා සිදු කරනු ලබන ලේසර් ප්‍රතිකාර වැනි විශේෂීත ප්‍රතිකාර සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් රජයේ රෝහල්වලදී සිදුකරනු ලබන බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *