ජාතික ජන බලවේගයේ සියලුම මහජන නියෝජිතයන් වැටුප් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි.
ජනාධිපති, අගමැති, අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා මන්ත්‍රීවරුන් ඇතුළු සියළු දෙනාගේව වැටුප් පොදු අරමුදලකට බැර කරන බවත් හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ නියෝජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසු අක්මීමමන ප්‍රදේශයේ පැවති ආශිර්වාද පූජාවකට එක්වෙමිනි.
‘අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරණවා. ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි’