සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශ සහගත සහ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
එමගින් තමන්ගේ කීර්ති නාමයට සහ තමන් කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පලුදු වීමක් වන බවයි ඇය පෙන්වා දී ඇත්තේ.
පැමිණිල්ලෙන් පසුව ඇය සිය මුහුණු පොතේ සටහනක් ද එක් කර තිබුණා.
මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.
මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!
මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු.