ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා හැටන් ඉන්ධන පිරවුම්හලක් අසල වාහන පෝලිමේ රැදී සිටින අයුරු දැතගත හැකිවිය.
එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මන්ත්‍රීවරිය කියා සිටියේ තමන් විනාඩි 30ක පමණ කාලයක් ඉන්ධන ලබා ගැනිමට පොලිමේ රැදී සිටි බවයි.
සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම මේ රටේ ඉන්ධන සහ ගෑස් හිගයට විසදුම් ලබා දීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය කටයුතු කරමින් සිටින බවද ඇය කීවාය.