ජාතික ජන බලවේගයට බලය ගන්න බෑ – මහින්ද රාජපක්ෂ කියයි


ජාතික ජන බලවේගයට කිසිසේත් මෙරට බලයට පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ බැටළු සම පොරවාගත් කණ්ඩායම්වලට ජනතාව නොරැවටෙන බවයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් රට වටේට කාර්යාලය පිහිටුවා තිබුණ ද ඔවුන්ට බලයට ඒමට නොහැකි බවය. කාර්යාලයවලින් මිස ජනතාවගේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයට මැතිවරණයෙන් ජයගත නොහැකි බව ඔහු මෙහිදී කියා සිටියා.

ජාතික ජන බලවේගය රටේ පාලන බලයට ආවොත් රටට අබ සරණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර ලොකු සම්බන්ධතාවයක් ඇති බව පෙනෙන්නට ඇති බව ඔහු පවසනවා. රට පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *