තරුණයන් වෙනුවෙන් ඇප නැතුව ණය දෙන බැංකුවක් අරඹනවා – අනුර කුමාර කියයි

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ තරුණයන් වෙනුවෙන් ඇප මුදල් නොමැතිව ණය ලබා දෙන නව සංවර්ධන බැංකුවක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ කැකිරාව ප්‍රදේශයේ පැවත් ජන රැලියක් අමතමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා,

“ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ job එකකට යන්න try කරනවා වෙනුවට, ඇමති පස්සේ ගිහිල්ලා ලියුමක් අරගෙන විදුලිබල මණ්ඩලයට පනින්න ඕන කියලා කල්පනා කරනවා වෙනුවට, තමන්ම ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නේ කොහොම ද? හැබැයි පලවෙනි වැඩේ මොකක් ද? එයාට ව්‍යවසායකයෙක් බව පත්වෙන්න ප්‍රාග්ධනයක් නැහැ, සල්ලි ටිකක් නැහැ. ලක්ෂ 10ක්, 15ක් හොයාගන්න විදිහක් නැහැ. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ නව සංවර්ධන බැංකුවක් හදනවා ඇප මුදල් නැතුව මූලික ප්‍රාග්ධනය ලබා දෙන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *