“ක්‍රීම් පැක් එකක් 35,000 යි.ඕඩර් 25,000 ක් ගිහින් තියෙනවා.ගාන හදලා බලන්න…!”පියුමී
නිරූපණ ශිල්පිනී පියුමී හංසමාලී අද පෙරවරුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණියාය. ඒ ඇයට ලැබී තිබුණු කැදවීමකට අනුවයි.
තමන් මහජන මුදල් කොල්ල කා නැති බව පවසන පියුමී හංසමාලී, තමන් මේ තරමට පොහොසත් වූවේ ක්‍රීම් විකිණීමෙන් පමණක් ම බවද පවසයි.
තමා විකුණන ක්‍රීම් පැක් එකක මිල රුපියල් තිස් පන්දහසක් පමණ වන අතර, මේ වන විට එබදු ක්‍රීම් පැක් විසිපන් දහසක පමණ ප්‍රමාණයක් අලෙවි කර තිබෙන බවද ඈ පවසයි.