ඔක්තෝබර් මාසයේ මුල් දින පහළොව තුළ විදේශීය සංචාරකයන් හැටතුන් දහස් හාරසිය අනූ එක් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
දෛනිකව පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඔක්තෝබර් මාසයේ දී හාරදහස් දෙසිය ඉක්මවා ගොස් තිබේ.
මෙම දින පහළොව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව සහ ඔස්ටේ්‍රලියාව පිළිවෙලින් සංචාරකයන් වැඩියෙන්ම පැමිණ අනෙක් රටවල් වේ.
ඔක්තෝබර් මාසය අවසන් වන විට සංචාරකයන් 155,070 ක් පැමිණෙනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මීට පෙර පුරෝකථනය කර තිබුණි.