ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස අටේදී රුපියල් බිලියන 88.6 ක ශුද්ධ ලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ පළමු මාස අටේදී වාර්තාවූ රුපියල් බිලියන 632 ක්වූ අලාභයට සාපේක්ෂකව මෙම ශුද්ධ ලාභය වාර්තාවී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සඳහා පිරිවැය පිළිබිඹුවන මිලකරන ක්‍රමවේදයක් හඳුන්වාදීමත් සමග 2022 වර්ෂයේ පළමු මාස අට තුළ දී රුපියල් බිලියන 716.6ක්වූ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආදායම 2023 වර්ෂයේ එම කාල සීමාවේ දී රුපියල් බිලියන 921.8 දක්වා සියයට 28.6 කින් වර්ධනය වී ඇති බව ද මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කළ ඇති වාර්තාවේ සඳහන්වේ.
සංස්ථාවේ ආදායමේ සිදුවූ වර්ධනය මෙන්ම රුපියල අධිප්‍රමාණය වීමේ වාසිය හේතුවෙන් ඛනිජතෙල් සංස්ථාව ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි.