ඉන්ධන ලීටර් 1045ක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

බුලත්සිංහල කොබවක කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී පෙට්‍රල් ලීටර් 185 ක් සහ ඩීසල් ලීටර් 860ක් සමග නිවසේ හිමිකරුවන (63) හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එස්.එන්.කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

image 909b72689a Iri News
image 68c40f3651 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *