තෙල් ගන්න ඉන්දියා,චීන,රුසියා සාකච්ඡා සාර්ථකව ඉදිරියට – විදේශ ඇමති විජිත හේරත් කියයි

රටට ඉන්ධන  ගැනීමට චීනය රුසියාව සහ ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ගුවන්තොටුපළවල් අර්බුදයට ලක්වීම හේතුවෙන්  විදේශගතවීම් ප්‍රමාද වී ඇති බව පැවසූ විදේශ අමාත්‍යවරයා   නිෂ්පාදකයන් සහ අපනයනකරුවන්ද අද  අර්බුදයට ලක්ව සිටින බව ප්‍රකාශ කළේය.

පිලිපීනයෙන් ඩොලර් ලක්ෂයක් ලබාදීමට එකඟ වී ඇතැයිද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

ලෝකයේ  තෙල් සැපයුමට හෝමූස්  සමුද්‍ර සන්ධිය වසා තැබීම බලපානවා. අපේ තෙල්   ප්‍රශ්නය ගැන චීනය සහ රුසියාව සමග  සාකච්ඡා  ක්‍රියාවලිය ඉස්සරහට යනවා .ඉන්දියාව සමඟ සාකච්ඡා කළා.  ඉන්දියාවත් අද අසීරුවෙන් ඉන්නේ. අපි දන්නවා ඒ රටේත්  ගෑස් පෝලිම්. ඔවුන් සුබවාදීව මැදිහත් වෙනවා. ගුවන්තොටුපොළ අර්බුදය නිසා රට යෑම ගැන ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. අපේ නිෂ්පාදකයන් සහ  අපනයනකරුවන් අර්බුදයට ලක් වෙලා තියෙනවා.  අපි ඒ අයට සහන සලසනවා.  රටේ ජනතාව රැකගන්න අපි ඇප වෙනවා කැපවෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *