දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන මේ දිනවල යළි සමාජ මාධ්‍යයේ සංසරණයවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම සහ ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවලදී ලබාගත් වීඩියෝ දර්ශන ආදිය මේ දිනවල හුවමාරු වෙමින් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමෙන් වැරදි මතයක් සමාජගත වන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශසය කියයි.
අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ජනතාව නොමග යැවීමක් බවත්, එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට බාධාවක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
මේ හේතුවෙන් එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදාහැරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ දර්ශන පළ කරන අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවද පොලිසිය කියයි.