තවත් වතු කම්කරුවන් පිරිසක් එක් වී රට ගොඩනගන අරමුදලට ලක්ෂයක් පරිත්‍යාග කරයි

වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ කම්කරුවන් පිරිසක් මෙලෙස සිය වැටුප පරිත්‍යාග කර ඇත.

ඒ අනුව ඔවුන් රුපියල් 108,000ක මුදලක් මෙසේ Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ. 

අදාළ මුදල ජාතික ජන බලවේග නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සූරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් වෙත ඊයේ භාරදෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *