ලන්ඩනය වෙත සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැට හයක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සහ තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන්, නීතිපති ඇත-ුළුව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්, පොලිස්පතිවරයා සහ අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම සාකච්ඡාවේ දී, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශේෂ ත්රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමට අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් මහතා යෝජනා කර තිබේ.
ඒ පිළිබද අවසන් තීන්දුව තවත් කරුණු කිහිපයක් සලකා බලා ඉදිරියේ දී ගන්නා බව නීතිපති පාරින්ද රණසිංහ මහතා ප්රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාවේ දී හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ද ජනවාරි විසි අට වන දා ට පෙර තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වේ.