පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාවේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහ ජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව පර්යේෂණ ඒකකයක් ඊයේ (ජන. 15) ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට අනුබද්ධිත මාධ්‍ය සහ පර්යේෂණ ඒකකයක් ලෙස ස්ථාපිත කර ඇති අතර 0759570570 වට්ස්ඇප් අංකය සහ connect@oloparliament.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ මහ ජනතාවට තොරතුරු ලබා දිය හැකි බවත් විපක්ෂ නායක කාර්යාලය පවසයි.
මෙවර 2025 අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විවාදය සහ කාරක සභා අවස්ථාවේදී සාධනීය තොරතුරු ලබා ගැනීම පර්යේෂණ ඒකකයේ මූලික අරමුණ බව එම කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තුව තුළ නිවැරැදි තොරතුරු මත විවාදවලට දායක වීමේ වැදගත් බව ත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහභාගිත්ව ක්‍රියාවලිය වැදගත් බව ත් මේ පිළිබඳව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
එසේ ම, අය-වැය විවාදයට සීමා නොවී පාර්ලිමේන්තු සැසිවාරවලට වෘත්තීය සමිතිවල අදහස් ලබාදීම තුළින් ජනතාවාදී විපක්ෂයක කාර්යභාරය ඉටුකළ හැකි බව විපක්ෂ නායකවරයා මතු කරයි.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිතිවල දායකත්වය අතිශයින්ම වැදගත් වන බව ඔහු පෙන්වා දෙයි.