ආචාර්ය කිය වැරදීමකින් කල පල කිරීමට කණගාටුයි – පාර්ලිමේන්තුව හර්ෂණට කියයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව නිවේදනයේ සඳහන්.

ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බවත් ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තුව නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිදුවූ අපහසුතාවය පිළිබඳව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය බලවත් කණගාටුව කර තිබෙනවා. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම අමාත්‍යවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදු කරමින් පවතින බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *