රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් හරක් කටාගේ බිරිඳගෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 1200 ක අල්ලස් මුදලෙන් යම් කොටසක්, ස්වාමීන්වහන්සේ නමක් හරහා ඉහළ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට බෙදී ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින සහකාර අධ්‍යක්ෂක නීති අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අද අධිකරණයට වාර්තා කර තිබේ.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ද මේ වන විට අල්ලස් කොමිසම විමර්ශන අරඹා ඇති බවයි පැවසෙන්නේ.