රාජගිරියේ රිය අනතුර සිදුවන විට රියැදුරු අසුනේ සිටියේ පාඨලි චම්පික – සාක්ෂිකරු අධිකරණයට කියයි

016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ අනතුරකට ලක්කළ ජීප් රියේ රියැදුරු ලෙස කටයුතු කළේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බව අද(05) අධිකරණයේදී අනාවරණය විය.

ඒ, පැමිණිල්ලේ පලමු සාක්ෂිකරු සිය සාක්ෂිය ලබාදුන් අවස්ථාවේදීයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගැණුනි.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේයි.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය හෙට(06) දින දක්වා කල් තැබීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *