මේ මාසේ 21 ජනතාව අපිට ඡන්දේ දෙනවා – නාමල් රාජපක්ෂ

කුමන ‘ආර්ථික ඔස්තාර්ලා’ පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් වන වැඩපිළිවෙල තමා සතු බවයි ඔහු කියන්නේ. ඒ තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අන්තර්ගත බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

“අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. එතුමා කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ. අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා.

ජනතාවගේ අදහස් අපි දන්නවා. එදා ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි. අපිට වුවමනාව තිබුණා ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා. ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපිට අවශ්‍ය වුණා.

තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා.

අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විසෙන් තොර වෙන්න ඕන කියලා.

ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක් වෙලාවක ඡන්ද නැහැ කියනවා. මේ රටේ මිනිස්සු දන්නවා මහපොළවේ පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු 21 වෙනිදාට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා” යි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *